අතන මෙතන

සිම් සහ විදුලි බුබුළු අලෙවි කරන මුවාවෙන් ගොස් ගෙවල් බින්ද තුනක් අත්අඩංගුවට

වැල්ලවාය පොලිසිය විසින් ස්ථානීය බුද්ධි තොරතුරක් අනුව සිදු කල වැටලීමකදී සිම් කාඩ්පත් සහ විදුලි බුබුළු අලෙවි කරන මුවාවෙන් නිවෙස් වෙත ගොස් එම නිවෙස් බිද දේපල,රං ආභරණ සහ මුදල් කොල්ලකෑ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් ප්‍රදේශ රැසක මෙම සොරකම් සිදු කර ඇති අතර සිම් සහ විදුලි බුබුළු අලෙවි කරන මුවාවෙන් නිවෙස් වෙත ගොස් නිවෙස් වල කිසිවෙකු නොසිටියහ හොත් මෙම සැකකරුවන් වහලයෙන් හෝ දොරවල් කඩා දමා නිවෙස් වෙත ඇතුළු වී මෙම කොල්ලකෑම් සිදු කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පේරකැටිය,අයිස්පීල්ල සහ සහ හදපානාගල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු දහනවය,විස්ස සහ විසිඑක යන වයස් වල පසුවන්නන් බව වැල්ලවාය පොලිසිය පැවසීය.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.