brand logo
logo

සිංගර් 14 වන වරටත් මෙරට අංක 01 සන්නාමය බවට පත්වෙයි

14 March 2020

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ ජනප්‍රසාදය ඉහළින්ම හිමිකරගත් සන්නාමයක් වන සිංගර් පසුගියදා පැවති SLIM-NIELSON සම්මාන උලෙළේදී අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියම වෙළෙඳ නාමයට (Peoples Brand of the Year) හිමි සම්මානයෙන් සහ වසරේ හොඳම පාරිභෝගික සන්නාමයට (Peoples Durable Brand of the Year) හිමි සන්නාමයෙන් පිදුම් ලැබීය. ලැබූ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පවසා සිටියේය. "SLIM-NIELSON සම්මාන උලෙළේදී අඛණ්ඩව 14 වන වරටත් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සන්නාමයට හිමි සම්මානය හිමි කර ගැනීමට සිංගර් සමාගමට හැකි වීම විශාල ගෞරවයක්. 'අතිවිශිෂ්ට විශ්වාසය' යන සන්නාම ප්‍රතිඥාව සමගින් පාරිභෝගික සිතුම් පැතුම් නිවැරදිව හඳුනා ගනිමින්, ඒ සඳහා උපරිම වශයෙන් කැපවෙමින් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සම්මානය හැඳින්විය හැක. තවද වසර 14ක් මෙම කිරුළ රැකගැනීමට හැකිවීම මඟින් පැහැදිලි වන්නේ අපේ රටේ ජනතාව සිංගර් කෙරෙහි තබා ඇති විශ්වාසයි". මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් දිවයින පුරා විසිරී සිටින ශ්‍රී ලාංකේය ජනතාවට සිය ස්තුතිය පිරිනැමීමට හෙතෙම මෙය අවස්ථාවක් කර ගන්නා බවද වැඩිදුරටත් පවසා සිටියේය. මෙම සම්මාන උලෙළේ ප්‍රධානම සම්මානයට අඛණ්ඩව 14 වන වරටත් හිමිකම් කීමට ලැබීම පිළිබඳ සිය අදහස් දක්වමින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා මහතා පැවසූයේ දිනෙන් දින වැඩි දියුණු වෙමින් වර්ධනය වන සමාගමේ විකුණුම් හා අලෙවි ක්‍රියාකාරකම්, පාරිභෝගික පදනම, නිෂ්පාදන හා සේවාවල ඉහළ ගුණත්වය ඇතුළුව සමස්ත මෙහෙයුම් ක්‍රියාදාමය තුළ සිදු වී ඇති වර්ධනීය වෙනස මෙම සම්මානය පිටුපස සිටින ප්‍රධාන බලවේග බවයි. තවද ඉදිරියේදී ශ්‍රී ලාංකීය පාරිභෝගිකයාගේ ජීවන තත්ත්වයන් තවදුරටත් උසස් කළ හැකි තත්ත්වයෙන් සහ ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ, සේවා සහ රැසක් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් පසුවන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
 

More News..