Uncategorized

සිංගර් වෙතින් ගෘහස්ථ සුළු පරිමාණ ඇඟලුම් කර්මාන්තවලට සරිලන මහන මැෂින් මාදිලි ගණනාවක්

දිවයිනේ පුරෝගාමී පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා මෙන්ම, ලොවට මහන මැෂින් හඳුන්වා දීමේ ද පුරෝගාමියා වන සිංගර්, ශ්‍රී ලංකාවේ ගෘහස්ථ, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් යුතුව, නවතම මහන මැෂින් මාදිලි ගණනාවක් පාරිභෝගිකයන් වෙත ඉදිරිපත් කර තිබේ. මහන මැෂින් සම්බන්ධ ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන විශ්වාසවන්ත නාමය ලෙසින්, ලොක්ස්ටිච් මැෂිමේ සිට ඕවර්ලොක් මැෂිම දක්වාම ආයතනික හා ගෘහස්ථ, මැහුම් කර්මාන්තයට අදාළ සෑම මාදිලියකම මැෂින් වෙළෙඳපොළට නිකුත් කර ඇත. සිංගර්, මැහුම් කර්මාන්තය දිරිමත් කිරීම මෙන්ම එහි දියුණුවට අතහිත දීම වෙනුවෙන් දීර්ඝ කාලීනව කටයුතු කරයි.

1877 වසරේදී මුල් වරට, ශ්‍රී ලංකාවේ සිංගර් මහන මැෂින් අලෙවිය ඇරඹූ දින සිට මේ දක්වාම වසරින් වසර සාර්ථක ප්‍රගතියක් අත්පත් කර ගනිමින් රටපුරා ප්‍රදර්ශනාගාරවල එකසේ සිංගර් මැෂින් අලෙවි කෙරෙයි. ඒ සිංගර් නාමය දීර්ඝකාලීනව පවත්වාගෙන එන අඛණ්ඩ විශ්වාසය හේතුවෙනි. අද වන විට සිංගර් සිය සන්නාමයේ මහන මැෂින් පමණක් නොව, ලොව ප්‍රචලිත විශාල සන්නාම ගණනාවකින් මහන මැෂින් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කරමින් අඛණ්ඩ පාරිභෝගික විශ්වාසය සමගින් දිවයින පුරා ප්‍රදර්ශනාගාර තුළ ඉතා සාධාරණ මිල ගණන්වලින් ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින් හට සලසා දී තිබේ.

මේ වන විට ලොව පුරා ඉහළ අලෙවියක් ඇති ZOJE, ආයතනික මැහුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින්ම, චීනයේ නිමවන ලද අධිවේගී මහන මැෂින් වර්ගයක් වන අතර, සිංගර් එම මැෂින් මුල් වරට ශ්‍රී ලංකාවේ ගෘහස්ථ, සුළු හා මධ්‍ය පරිමාණ මැහුම් කර්මාන්ත ඉලක්ක කර ගනිමින් හඳුන්වා දී ඇත්තේ, අධිවේගී මහන මැෂින් භාවිතයෙන් මැහුම් කර්මාන්තයට ඉතා විශාල වාසි අත්පත් කරගත හැකි වන බැවිනි. සිංගර් ශ්‍රී ලංකා සමාගම, මැහුම් කර්මාන්තය ඉලක්ක කරමින් අලෙවි කළ මැෂින් අතරින් විශාල ප්‍රමාණයක් ZOJE සතු වන අතර, එහි පුරෝගාමී හවුල්කරුවකු ලෙස MEGASEW කටයුතු කරයි. මහන මැෂින් මාදිලි ගණනාවකින් සංයුක්ත මෙය, ඇඟලුම් කර්මාන්තය ඉලක්ක කර ගනිමින්ම තායිවානයේ නිෂ්පාදනය කරන ලද්දකි. එමෙන්ම දැනට සිංගර් ප්‍රදර්ශනාගාරවල ‘සිංගල් හෙඩ් හා ‘මල්ටි හෙඩ් යනුවෙන්, විශේෂිත එම්බ්‍රොයිඩර් තාක්ෂණයෙන් යුත් මැෂින් මාදිලි ගණනාවක්ද වේ. සිංගර් නිෂ්පාදනයක් වන SDY එම්බ්‍රොයිඩර් මැෂින්ද, ගෘහස්ථ මැහුම් කර්මාන්තයට සේම, සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තයන්ටද යොදා ගැනීමෙන් සුවිශාල ආයෝජනයකට උරුමකම් කිව හැකි වේ. පෙර සඳහන් පරිදි එමගින් සිකුවින්ස්, කෝඩින්ග් ආදී එම්බ්‍රොයිඩර් ක්ෂේත්‍රයට අදාළ කාර්යයන් ගණනාවක් පහසුවෙන් ඉටුකර ගත හැකි වේ.