සැමියා මෝරාගෙන් බේරා ගන්න ගැබිනි බිරිය මුහුදට පනී
28 September 2020
සැමියා මෝරාගෙන් බේරා ගන්න ගැබිනි බිරිය මුහුදට පනී
28 September 2020
මෝරකුගෙන් එල්ල වූ ප්‍රහාරයකින් සිය සැමියා ගලවා ගැනීම සඳහා ගර්භණී කාන්තාවක් මුහුදට කිමිදුනු පුවතක් පිළිබඳ ඇමෙරිකාවෙන් වාර්තා විය.
30 හැවිරිදි ඇන්ඩෲ එඩී ෆ්ලොරිඩා හි සොම්බෙරෙරෝ කොරල් පරයේ කිමිදීමට ගියත් ජලයට බට වහා මෝරකුගේ සපා කෑමට ලක්විය.
ජලයෙන් ඉහළට ඉපිලුනු මෝරාගේ පිටේ ඇති වරල හා සිය සැමියාගේ ලෙයින් රත්පැහැ වූ ජලය දුටු මර්ගොට් ඩියුක්ස්-එඩී "කිසිදු පැකිලීමකින් තොරව ජලයට පැන්නා" යැයි නිලධාරීහු පැවසූහ.
ඇය ආරක්ෂිතව සැමියා ජලයෙන් ඇදගත් පසු පවුලේ සෙසු සාමාජිකයින් 911 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී තිබේ.
ඉරිදා මයාමි හි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ගුවන් මගින් ගෙන යන යාමෙන් පසු බරපතල තත්ත්වයේ පැවති එඩී ගේ උරහිසේ තුවාලයට ප්‍රතිකාර කෙරිණි.
එහි ගෙනෙන විට එඩී "බරපතල තත්ත්වයේ" පසු වූ බව ගලවා ගැනීමේ නිලධාරී රයන් ජෝන්සන් ප්‍රාදේශීය මාධ්‍යවලට පැවසීය
ජෝර්ජියා ප්‍රාන්තයේ සිට සිය නිවාඩුවක් ගතකිරීම සඳහා සිය පවුලේ සාමාජිකයින් සමග ෆ්ලොරිඩා වෙත පැමිණි එඩී යුවළ පුද්ගලික බෝට්ටුවකින් යාත්‍රා කර තිබිණි.
එඩී කිමිදීමට පටන් ගන්නා විටත් ඔවුන්ගේ කණ්ඩායමේ පිරිසක් කිමිදෙමින් සිටි අතර එඩී ඔවුන්ට එකතු වීම සඳහා ජලයට පැන තිබේ.
පසුව සාක්ෂිකරුවන් පවසා තිබුණේ 'බුල් ෂාර්ක්' ලෙස හැඳින්වෙන මෝරකු ලෙස දිස්වුනු අඩි අටක් හෝ 10ක් පමණ දිග මෝරකු එදින එම ප්‍රදේශයේ සැරිසරනු දුටු බවය.
ලෝකයේ වැඩි ම මෝර ප්‍රහාර ගණනාවක් එල්ලවන ප්‍රදේශය ලෙස ෆ්ලොරිඩා වාර්තාවලට එක්ව තිබේ. ෆ්ලොරිඩා කෞතුකාගාරය පවසන පරිදි පසුගිය වසරේදී එවැනි ප්‍රහාර 21ක් වාර්තා විය.
බී. බී. සී.