brand logo
logo

සාකච්ඡා අසාර්ථකයි - රේගු වර්ජනය තවදුරටත්

01 February 2019

රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය දිගටම ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. මුදල් අමාත්‍යවරයා සමග අද (01) පැවැති සාකච්ඡාව එකඟතාවයකින් තොරව අවසන් වීම නිසා මෙම ක්‍රියාමාර්ගය ගැනීමට තීරණය කළ බවයි රේගු වෘත්තිය සමිතිය සදහන් කළේ. ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා ඔවුහු මෙලෙස වර්ජනය ආරම්භ කළේ. මෙම වර්ජනය හේතුවෙන් භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට තිබෙනවා.
 

More News..