News

සහරාන්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවට

සහරාන් හෂීම්ගේ ත්‍රස්තවාදී කටයුතු සඳහා සහාය දුන් එම සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු බව පැවසෙන පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්ථක අංශයේ සේවය කරන පුද්ගලයෙකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (18දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර, අලවතුගොඩ ප්‍රංදේශයේ පදිංචි මොහොමඩ් නවුෂාඩ් ජලාල්දීන් (අවු.42) නමැති දෙදරු පියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර තවුහීද් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස සැකපිට පසුගියදා අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ විද්‍යුත් ඛන්තුරේඛණ නිලධාරියා ඇතුඵ තවත් සැකකරුවන් තිදෙනෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු 2006 වසරේදී පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තන අංශයේ සෝදුපත් බලන්නෙකු ලෙස සේවයට බැඳී ඇත.]

විභාගයක් තුළින් තේරීපත් වීම පිළිගත් ක්‍රමවේදය වුවද සැකකරුට එම ක්‍රමවේදයෙන් බැහැරව ඉහළ පෙළේ මුස්ලිම් දේශපාලන නායකයෙකු හරහා මෙම රැකියාව ලැබී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර එම සැකකරු මෙම තනතුරේ සිටියදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මුස්ලිම් දේශපාලනඥයන් සමග සමීපව ඇසුරු කර ඇති බවද හෙළි වී ඇත.