සවස 05 සිට ජල කප්පාදුවක්
අද (12) දින ත්‍රිකුණාමලයේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 05.00 සිට පැය 19ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.
ඒ අනුව ත්‍රිකුණාමලය නගරය හා ඒ අතර සියලු අතුරුමාර්ග, තඹලගමුව බල ප්‍රදේශය, කින්නියා බල ප්‍රදේශය සහ කුච්චවේලි බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවනු ඇති.
මේ අනුව අද පස්වරු 05.00 සිට හෙට පස්වරු 12.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව පැවසෙනවා.
ත්‍රිකුණාමලය ජල සම්පාදන ක්‍රමයේ ප්‍රධාන ජල නලයේ හදිස්සි බිඳවැටීම පිළිසකර කිරීම ජල සැපයුම අත්හිටුවන කාල සිමාව තුල සිදුකිරීමට නියමිතයි.