brand logo

සල්ලි හා ජංගම දුරකතනයෙනුත් කොවිඩ් බෝ විය හැකි

12 October 2020

නව කොරෝනා වෛරසය මාසයකට ආසන්න කාලයක් මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මල නොබැඳෙන වානේ (ස්ටේන්ලස් ස්ටීල්) පෘෂ්ඨ මත නොනැසී පැවතිය හැකි බව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සියේ නවතම පර්යේෂණයකින් සොයා ගෙන තිබෙනවා. පර්යේෂකයින් විසින් සිදුකළ නවතම පර්යේෂණයකින් සොයා ගෙන ඇත්තේ නව කොරෝනා වෛරසයට දින 28ක කාලයක් එලෙස පැවතිය හැකි බවයි. කොරෝනා වෛරසයට සීතල උෂ්ණත්වය මතද වෛරසය වඩා හොදින් නොනැසී පවතින බව වික්ටෝරියා හිදී සිදුකළ මෙම පර්යේෂණයේදී හෙළිවී ඇත. එමෙන්ම වීදුරු සහ මල නොබැදෙන වානේ වැනි සුමට මතුපිට සමග සැසදීමේදී කපු වැනි පෘෂ්ඨයන් මත කොරෝනා වෛරසය නොනැසී පවතින බවට අධ්‍යයනයකදී අනාවරණය වී ඇත. වාතයේ අංශුවල ව්‍යාප්ත වී ඇති කොරෝනා වෛරසයට පැය 03 ක කාලයක් නොනැසී පැවතිය හැකි බවට මෑතකදී සිදුකළ අධ්‍යනයකින් හෙළිවී ඇත. වෛරසයේ හැසිරීම අනුව එයින් ආරක්ෂා විමට සෑම විටම දෑත් පිරිසිදු කොට තබා ගැනීම වැදගත් බව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන වෛද්‍ය ඩේබි ඊගල්ස් සඳහන් කරයි. " ඉන්ෆ්ලුවෙන්සා වෛරසයට දින 17ක කාලයක් පෘෂ්ඨයන් මත නොනැසී පැවතීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව SARS-CoV-2 හෙවත් කොරෝනා වෛරසය කොතරම් භාහිර පරිසරයේ ගැවසීමේ ඇති හැකියාව ගැන අපට අවබෝධයක් ගන්න පුළුවන්. වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මුදල් වෙනුවට විද්‍යුත් ක්‍රම හරහා ගෙවීම් ක්‍රම උපයෝගී කර ගැනීම වැදගත් වනවා" යැයි වෛද්‍ය ඩේබි ඊගල්ස් වැඩිදුරටත් සඳහන් කර ඇත.
 

More News..