News

සයින්දමරුදු කල්මුණෙන් ගැලවී නගර සභාවක් වෙයි

කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශ ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කර තිඛේ.

252 වන අධිකාරිය වන මහ නගර සභා ආඥා පනතේ 284 වන වගන්තියට අදාලව පැවරී ඇති බලතල අනුව මෙම පියවර ගෙන ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව සයින්දමරුදු නගර සභාවේ නිල කාලය 2022 වසරේ මාර්තු මස 20 වනදා සිට ක්‍රියාත්මක වන බවයි අදාල ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

සයිදමරුදු නගර සභාවේ පරිපාලන සීමාවන් ද මෙම අති විශේෂ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත