brand logo

සමාජ ව්‍යාප්තියක අභියසට ශ්‍රී ලංකාව ඇවිල්ලා

26 October 2020

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමග මේ වන විට බරපතල අවධානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි සාමාජික වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ කොරෝනා වෛරසය සමාජ ව්‍යාප්තියක අභියසට ශ්‍රී ලංකාව පැමිණ ඇති බවයි. යම් හෙයකින් මෙරට තුළ කොවිඩ්-19 සමාජ ව්‍යාප්තියක් කරා ගියහොත් රෝහල්වල දැඩි සත්කාර ඒකකවල තදබදයක් ඇති විය හැකි අතර, මරණ සංඛ්‍යාව ද ඉහළ යා හැකි බව වෛද්‍යවරයා සදහන් කරයි. රෝගය පාලනය කිරීම සදහා මේ වන විට ගෙන තිබෙන ක්‍රියාමාර්ගම ඉදිරියට අනුගමනය කරන්නේ නම් මෙය ඉතාමත් භයානක තත්ත්වයකට යනු ඇති බව වෛද්‍ය හරිත අලුග්ගේ මහතා පවසයි. ඔහු පැවසුවේ අද දිනයේ හරි තීරණයක් නොගත හොත් ඉදිරි මාස දෙක තුළ මෙරට තුළ අසාමාන්‍ය ලෙස ඉහළ මරණ සංඛ්‍යාවක් බලාපොරොත්තු විය හැකි බවයි. මේ වන විට අවධානම් දිස්ත්‍රික්ක 5ක් හදුනාගෙන ඇති අතර, එම දිස්ත්‍රික්ක වලට අමතරව තවත් දිස්ත්‍රික්ක අවධානම් තත්ත්වයක් මතුවෙමින් ඇති බව වෛද්‍යවරයා පවසයි. අවම වශයෙන් දැනට අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන දිස්ත්‍රික්ක 5 තුළ යම් සීමා පැනවීමක් සිදුවිය යුතුයි. මෙම කරුණු සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකාය දැනුවත් කර ඇති අතර, මෙම තීරණ ගැනීමේදි සිදුවන ප්‍රමාදයන් හරහා ඉතාමත් භයානක ප්‍රතිඵල ඉදිරියේ රටට මුහුණපෑමට සිදුවනු ඇති බව වෛද්‍ය හරිත අලුග්ගේ මහතා වැඩිදුරටත් සදහන් කරයි. https://youtu.be/ozEm_g13D6E?t=331
 

More News..