News

සමගි ජනබලවේගේ හේෂයි චමින්දයි 20 ට පක්ෂව ඡන්දේ දෙයිද?

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ විවාදයට ගන්න අද(21) දින විපක්ෂයේ සමගි ජනබලවේගෙයේ මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසියේ විරෝධතා සටන් පාඨ කියමින්.

පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වන තැන සිට මෙම පිරිස සටන් පාඨ කියමින් පාගමනින්ම පාර්ලිමේන්තු සංකීර්ණය දක්වා පැමිණියේය. මේ විරෝධතාව සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහභාගී වී සිටියේ නැත. ඒ හේෂා විතනගේ හා චමින්ද විජේසිරියි.

පසු ගිය දින කීපයේදී මෙම දෙදෙනා සමගි ජනබලවේගේ කටයුතු වලට පෙර මෙන් වුවමනාවෙන් සහභාගී නොවූ බවත් 20 වැනි සංශෝධනය පිළිබඳ පැවැත් වූ සාකච්ඡාවලදී පවා පසු ගාමී ලෙස හැසිරුණු බවත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සමගි ජනබලවේගේ ප්‍රකාශකයකු පැවැසීය. හෙතම වැඩි දුරටත් කියා සිටියේ පෙනී යන පරිදි 20 ට පක්ෂව මේ දෙදෙනා ඡන්දය පාවිච්චි කිරීමට සුදානම් වනවාදැයි සැකයක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විමසීමට අප මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහා කළත් එම උත්සාහන් ව්‍යර්ථ විය.

මේ පිළිබඳ සමගි ජනබලවේගේ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් අප කළ විමසීමකදී හෙතම කියා සිටියේ යම් යම් කාරනා සම්බන්ධයෙන් සුලු සුලු මත ගැටුම් ඇති වුණත් මන්ත්‍රීවරුන් දෙදෙනා එවැනි පාවා දීමක් කරතියි තමන් කිසි විටකවත් නොසිතන බවයි.