brand logo

සත්තු සොයාදුන් වාර්තාගත ආදායම

17 January 2022

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක් දීර්ඝ සති අන්ත නිවාඩුවේදී ජාතික සත්ත්වෝද්‍යානයට අයත් ආයතනවලට වාර්තාගත ආදායමක් ලැබී තිබෙනවා. පසුගිය 14, 15 සහ ඊයේ දිනය වන විට රුපියල් 13044,221ක ආදායමක් ලැබී ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ සඳහන් කළා. දෙහිවල, පින්නවල සහ රිදීගම සෆාරි යන ආයතනවලට මෙම ආදායම් ලැබී ඇති අතර රිදීගම සෆාරි උද්‍යානය ආරම්භ කළ දිනයේ පටන් මේ දක්වා කාලය තුළ වැඩිම ආදායමක් ලැබී ඇත්තේ ද ගෙවුණු දින දෙක තුල දී බව ඇය වැඩිදුරටත් පැවසුවා.
 

More News..