brand logo

සජිත් හෝ රාජපක්ෂවරුන් බලයට ගේන්න එපා චන්ද්‍රිකා මෛත්‍රීගෙන් ඉල්ලයි

24 August 2019

ඇමැති සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුර අපේක්ෂකත්වයට පත් කිරීම සඳහා සහ රාජපක්ෂවරුන් බලයට ගෙන ඒම සඳහා සහයෝගය ලබා නොදෙන ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිනිය අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය (22 වැනිදා) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විනි. විනාඩි විස්සක පමණ කාලයක් මෙම සාකච්ඡාව පැවති අතර මෙම ඉල්ලීම ඉටු කිරීමට අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපතිනිය, ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඉල්ලීම ඉටු කරන්නේ නම් අවශ්‍ය ආරක්ෂාව ලබාදීමටද තමන්ට ඉදිරියේදී හැකියාවක් පවතින බව හිටපු ජනාධිපතිනිය මෙහිදී ප්‍රකාශ කළ බව වාර්තා වෙයි. හිටපු ජනාධිපතිනිය සහ ජනාධිපතිවරයා අතර සෘජු සාකච්ඡාවක් මෙලෙස පැවැත්වුණේ වසරකට පමණ පසුවය. උදයජීව ඒකනායක
 

More News..