අතන මෙතන

සජිත් නොගෙනාවොත් අපිත් යනවා

අඟහරුවාදා උදෑසන එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ දී මලික් සමරවික්‍රම විසින් එ.ජා.ප. ජනාධිපති අපේක්ෂකත්වයට සජිත්ව යෝජනා කළ අතර, එය එ.ජා.ප. පසුපෙළේ මන්ත්‍රීවරුන්ගේ දැඩි අමන්දානන්දයට හේතු වන යෝජනාවක් වූ බව ද පෙනිණි. එ.ජා.ප.යේ තරුණ නායකයෙකු වන ‘හරීන් ප්‍රනාන්දු’ එදිනම සවස පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසුවේ ය.

‘‘සජිත් නොගෙනාවොත් අපිත් යනවා…’’
කෙසේවෙතත්, මෙම නිල රැස්වීම පැවැත්වීමට පෙර සහ පසු, අවස්ථා දෙකක දී, ‘මංගල ගේ නිවසේ දී’ සජිත්ට සහාය දක්වන එක්සත් ජාතික පාක්ෂික මැති ඇමැතිවරුන්ගේ හමුවක් පැවැත්වී ඇති බවත්, ‘මලික් විසින් කළ යෝජනාව’ එම ‘රහස් සාකච්ඡාවේ’ ප්‍රතිඵලයක් විය හැකි බවත්, රවී කරුණානායක සිරිකොතේ නිලධාරියෙකුට පවසා තිබේ.

අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල සාකච්ඡාවේ දී විදුලිබල අමාත්‍යංශය නව ගොඩනැගිල්ලකට ගෙන යාම සඳහා ප්‍රතිපාදන ඉල්ලමින් ඉදිරිපත් කළ ‘කැබිනට් පත්‍රිකාව’ අනුමත කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රසිද්ධියේ පවසා තිබේ. මෙය සුපුරුදු පරිදි ‘රවී කරුණානායකගේ’ කණස්සල්ලට හේතු වී ඇති නමුත් රවීට ඒ වෙනුවෙන් ‘වාද කරන්නට’ ද අවස්ථාවක් ලැබී නැත.