brand logo
logo

සජිත්ගේ රැස්වීමට ආපු රිෂාඩ්ගේ මන්ත්‍රී එළවයි

23 October 2020

සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොන්ග්‍රසයේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ් ව එම ස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කර ඇත. එස් එම් එම් මුෂාරෆ් මන්ත්‍රීවරයා විසිවන ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඊයේ දින පැවැත් ඡන්ද විමසීමේදී ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට මැතිවරණ සදහා ඉදිරිපත්වීමට අවසර ලැබෙන 17 වැනි වගන්තියට පක්ෂව ඡන්දය භාවිතා කිරීම හේතුවෙන් සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගි වීමට ඉඩ නොදිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් යෝජනා කර තිබේ. ඒ අනුව මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය හමුවේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මන්ත්‍රී එස් එම් එම් මුෂාරෆ්  රැස්වීමෙන් ඉවත් කර ඇත.
 

More News..