සංචාරක වීසා මත පැමිණ ඡන්ද කළැයි සී.අයි.ඩී.ය ගෝඨා ගැන අධිකරණයට කරුණු කියයි
21 September 2019
සංචාරක වීසා මත පැමිණ ඡන්ද කළැයි සී.අයි.ඩී.ය ගෝඨා ගැන අධිකරණයට කරුණු කියයි
21 September 2019
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 2005 වසරේ දී සංචාරක වීසා බලපත්‍රයකින් මෙරටට පැමිණ මැතිවරණ කටයුතුවල යෙදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 20 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කළේ ය.
මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන අය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව පොලිස් පරීක්ෂණ පවත්වන බව පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිටියේය.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු ප්‍රමාණවත් නොවීම නිසා තවදුරටත් කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දැනුම් දුන්නාය.