අතන මෙතන

සංගීතයෙන් මත්වී යකඩ යකාට බිලිවෙයි

රේල් පාරේ වාඩිවී හෙඩ් සෙට් පලදා ගීත රසවිදමින් සිටි තරුණයෙකු දුම්රියේ ගැටී මිය ගිය සිද්ධියක් මඩකලපුව පුනානයිහි සිදුවී ඇත.

ඊයේ (27) රාත්‍රි 9.30ට සිදුවූ මෙම් අනතුරෙන් පුනානි මයිලන්තන්නයි ග්‍රාමයේ පදිංචි ජෙක්කබ් ජොන්සන් වයස් 19 යන අය ජිවිතක්ෂයට පත්වූ බව වාලච්චේනයි පොලිස් ස්ථානාධිපති ධනජය පෙරමුණ පැවසිය

මඩකලපුවේ සිට රාත්‍රි 8.15 ට කොළඹ බලා පිටත්වුණු රාත්‍රී නගරාන්ත්‍ර දුම්රිය පුනානි පසු කරනවිට මෙම අනතුර සිදුවී ඇත. සිද්ධිය සැලනු විගස ස්ථානයට ගිය පිරිස විසින් තරුණයාගේ සිරූර වාලච්චේන මුලික රෝහලට පාන්දර 2ට බාරදුන් බව පොලිසිය පැවසීය.

එම ස්ථානයට ගිය පොලිසිය සිද්ධිය සමබන්ධව පරීක්ෂණය පවත්වන අතර අනතුරට මුහුණ දුන් තරුණයා හෙඩ්සැට් පලදා සීතලෙන් ආරක්ෂාවීම සදහා සරෝමෙන් පොරවාගෙන රේල් පීල්ලේ වැඩිවෙමින් ගුවන්විදුලි සිනමා ගීත රසවිසදමින් සිටි බවට මුලික පරීක්ෂණ වලින් හෙළිවී ඇත.

මඩකලපුව වාර්තාකරු ටි එල් ජ්ව්ෆර්කන්