සංගට අලුත් තනතුරක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම කණ්ඩායමේ හිමිකරු මනෝජ් බද්ලේ විසින් ඒ බව තහවුරු කර තිබේ.
ඒ අනුව එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ අධ්‍යක්ෂක ධූරයේ කටයුතු කරනු ඇත.