brand logoaward badge

ෂෙහාන් මධුසංඛට සියලු වර්ගයේ ක්‍රිකට් තාවකාලිකව අත්හිටුවයි - ශ්‍රී ලංකා ක්‍රිකට්

26 May 2020

හෙරොයින් මත්ද්‍රව්‍ය ළග තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංඛ සියලු වර්ගයේ ක්‍රිකට් තරග තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබේ. පසුගිය මැයි 23 වැනිදා ෂෙහාන් මධුසංඛ හෙරොයින් ග‍්‍රෑම් 02 යි මිලිග‍්‍රෑම් 700 තබාගැනීමේ චෝදනාවට පන්නල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජූනි මස දෙවන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
 

More News..