brand logoaward badge

ශෙහාන් ලබන 9 වැනිදා දක්වා රිමාන්ඩ්

02 June 2020

හෙරොයින් ග්‍රෑම් 2.7ක් සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංක ලබන 9 වැනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ, ඔහු අද (02) කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. පසුගිය 23වනදා පන්නල පොලීසියේ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් හොරවඩුන්න ප්‍රදේශයේදි මෙම ක්‍රීඩකයාගේ මෝටර් රථයේ තිබී අදාළ හෙරොයින් සමග ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
 

More News..