brand logo

ශිෂ්‍යත්වය ගැන තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන ඇමති කියයි

08 January 2019

ළමා මනෝ විද්‍යාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව තීරණයක් ගැනීම අත්‍යවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අද (08දා) රැස් වූ ශිෂ්‍යත්ව සමාලෝචන කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාෂ කළ අතර විභාග තුළින් දරුවන්ට අනවශ්‍ය මානසික පීඩනයක් ලබා නොදීමට පියවර ගත යුතු බව අවධාරණය කළේය. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ළමා මනෝ විද්‍යාඥයින්, සමාජ විද්‍යාඥයින් සහ අධ්‍යාපනඥයින්ගේ දායකත්වය අවශ්‍ය බව ද පෙන්වා දුන්නේය. මෙම සමාලෝචන කමිටුවට අධ්‍යාපන ලේකම්වරයා ඇතුලු ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ නිලධාරීන්, විශේෂඥ හා ළමා රෝග වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, අධ්‍යාපනඥයින් ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරීන්, විභාග කොමසාරිස්වරුන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහභාගි විය.
 

More News..