brand logo
logo

ශාන්ට පිටවයාමට ඉඩ නොදී මග අවහිර කරයි

02 March 2021

මැති ඇමතිවරුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ඊයේ ( 01) රැස්වීමක් පැවැත්වෙන අතරතුර පළාත් පාලන සේවකයින් පිරිසක් තම පත්වීම් ස්ථිර කරන ලෙස ඉල්ලා ප්‍රධාන දොරටුව අවහිර කර තිබුණා. පිරිස ප්‍රධාන දොරටුව අවහිර කර ගාල්ල දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූවා ප්‍රධාන දොරටුව අවහිර කිරීම හේතුවෙන් එම රැස්වීමට පැමිණ සිටි ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් මහතාට පිටව යාමට හැකිවුයේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට මෝටර් රථය එම ස්ථානයෙන් පිටතට ගැනීමට නොහැකි වු අතර පසුව පයින් ඇවිද ගෙන ගොස් ත්‍රී රෝද රථයක නැගී පිටවගොස් තිබේ.
 

More News..