brand logo

ශ්‍රී ලන්කන් කාගෝ සේවකයෙකුට කොරෝනා

12 October 2020

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ භාණ්ඩ මෙහෙයුම් අංශයේ සේවයකයෙකුට කොවිඩ්-19 වෛසරය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය සදහන් කළේ වෛරසය වැළදී ඇති කාර්ය මණ්ඩල සාමාජිකයා සමග රාජකාරි කටයුතු කළ සේවකයින් 50දෙනෙකුගේ මේ වන විට PCR පරීක්ෂන කටයුතු කර ඇති බවයි. එහි ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බව ද එම ගුවන් සේවය නිවේදනය මගින් සදහන් කරයි. එම කාර්ය මණ්ඩල සාමාජිකයා ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු මේ වන විට රෝහල් ගත කර අවශ්‍ය ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට බාහිර අයෙකුගෙන් මෙම වෛරසය වැළදී ඇති බව විශ්වාස කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් සදහන් කරයි.
 

More News..