Uncategorized

“ශ්‍රී ලංකා වනිතාභිමාන“ පළාත් කාන්තා දින පළමු අඬහැරය කන්ද උඩරටින්

“තොටිල්ල පදවන දෑත ලෝකය පාලනය කරයි“ යන විශ්ව කියමනට සුවිශේෂී අරුතක් සපයමින්, NDB බැංකුව සහ සිරස NEWS 1st සමග එකතුවී හඳුන්වාදෙන “වනිතාභිමාන” කාන්තාව සවිබල ගන්වා, මෙරට ආර්ථීකයට සක්‍රීයව දායක කරගැනීම යන්න අරමුණු කරගෙන ගොඩනගන ලද දීප ව්‍යාප්ත වැඩසටහනකි.

මෙහි තවත් ප්‍රධාන අරමුණක් වන්නේ නූතන වෙළදපොළට කාන්තා සහභාගිත්වය නැත්නම් ප්‍රවිෂ්ඨ වීම දිරිමත් කිරීම සහ මේ වන විටත් ආර්ථික ලෙස සහ සාමාජීය ලෙස සක්‍රීයව දායක වන කාන්තාවන් ඇගයීමට පියවර තැබීමයි.

“ශ්‍රී ලංකා වනිතාභිමාන“ පළාත් තරග සඳහා අයදුම්පත් කැඳවීම ජූලි මස ඇරඹුණු අතර, සමස්ත ඇගයීම් ක්‍රියාවලිය පළාත් නවයේ සිට ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත වූ සුවිශාල ව්‍යාපෘතියකි.

NDB බැංකුව සහ සිරස NEWS 1st මගින් අයදුම්පත් පිරික්සීමේදී කාන්තාව සතු විශේෂිත දැක්ම ව්‍යවසායක හැකියාවල නවෝත්පාදන හැකියාවල නායකත්ව ගුණය, කුසලතාවන් සියල්ල කෙරෙහි අවධානය යොමු කෙරුණු අතර ක්ෂේත්‍ර දැනුවත් කිරීම් ද, වැඩමුළු ද මේ හා සමගාමීව පැවැත්වීමට කටයුතු යොදා ඇත.