ශ්‍රී ලංකා පිලේ ප්‍රමුඛ අරමුණ පැතුම් රටටම කියයි
සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පළමු කණ්ඩායම් 8 අතරට පැමිණීම වැදගත්
2023 එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලබාගැනීම තම කණ්ඩායමේ අරමුණ බව ක්‍රීඩක පැතුම් නිස්සංක මහතා පවසයි.
ඒ සදහා 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය පළමු කණ්ඩායම් 8 අතරට ද පැමිණීම වැදගත් බව ඔහු පැවසීය.
සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (16) පැවති පළමු එක්දින තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වෙමින් පැතුම් මේ බව සදහන් කළේය.
සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය හෙට (18) පැවැත්වීමට නියමිතයි.