ශ්‍රී ලංකා නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයේ තෙවන දිනය අදයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථම ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය නිමා වන විට කඩුළු 6ක් දැවී ලකුණු 148ක් රැස්කර ගෙන සිටියේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න ලකුණු 65ක් රැස්කර ගත් අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් ලබාගත්තේය.
නොදැවී පන්දුවට පහරදෙන ධනංජය ද සිල්වා ලකුණු 32ක් සහ දිල්රුවන් පෙරේරා නොදැවී ලකුණු 9ක් ලබාගෙන සිටියේය.
පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුති කඩුළු 2ක් බැගින් දවා ගැනීමට සමත් විය.