ක්‍රීඩා

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර 20 සටන හෙට සිට

තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට (19) ආරම්භවීමට නියමිතව තිබේ.

දෙරට අතර පන්දුවාර විස්ස තරග 10ක් පැවති අතර, ඉන් තරග 5 බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කර තිබේ.

දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තරග 3කට සහභාගි වී ඇති අතර, ඉන් තරග දෙකක් ශ්‍රී ලංකා කණ්ඩාම ජයග්‍රහණය කර තිබේ.

කණ්ඩායම් දෙකම අවසන් වරට පන්දුවාර 20 තරගයකට සහභාගි වූයේව 2018 වසරේදී කොළඹ ආර්. ප්‍රේසදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.

එම තරගය කඩුළු 3කින් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ජයග්‍රහණය කර තිබේ.

හෙට (19) පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරගය දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හි නිව්ලෑන්ඩ් පිටියේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30ට ආරම්භවීමට නියමිතව තිබේ.

පන්දුවාර විස්ස තරගාවලිය සදහා කණ්ඩායම් දෙක විසින් නම් කළ සංචිතය පහතින් වේ.

පන්දුවාර විස්ස තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය

01.)Lasith Malinga – Captain

02.)Niroshan Dickwella – Vice Captain

03.)Avishka Fernando

04.)Sadeera Samarawickrama

05.)Kusal Mendis

06.)Angelo Perera

07.)Dhananjaya De Silva

08.)Kamindu Mendis

09.)Priyamal Perera

10.)Thisara Perera

11.)Suranga Lakmal

12.)Isuru Udana

13.)Asitha Fernando

14.)Akila Dananjaya

15.)Jeffrey Vandersay

16.)Lakshan Sandakan

පළමු පන්දුවාර විස්ස තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය

Faf du Plessis (capt)
Quinton de Kock
JP Duminy
Reeza Hendricks
Imran Tahir
Aiden Markram
David Miller
Lungi Ngidi
Anrich Nortje
Andile Phehlukwayo
Dwaine Pretorius
Kagiso Rabada
Tabraiz Shamsi
Dale Steyn
Rassie van der Dussen

දෙවන සහ තෙවන පන්දුවාර විස්ස තරගය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය

JP Duminy (capt)
Reeza Hendricks
Aiden Markram
David Miller
Chris Morris
Anrich Nortje
Andile Phehlukwayo
Dwaine Pretorius
Sinethemba Qeshile
Tabraiz Shamsi
Lutho Sipamla
Dale Steyn
Rassie van der Dussen