Uncategorized

ශ්‍රී ලංකා ටෙලිකොම් 5G බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ඔබට සමීප කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සේවා සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තම ඩිජිටල් සන්නිවේදන ගමන් මගේ නවතම සන්ධිස්ථානයකට පැමිණ තිබේ. ඒ, ස්ථාවර රැහැන් රහිතව 5G බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම ශ්‍රී ලාංකිකයන්ට සැපයීමයි.

ගෘහස්ථ පාරිභෝගිකයාගේ සිට රාජ්‍ය ආයතන, බහු ජාතික සමාගම් ඇතුළුව සෑම තරාතිරමකම ආයතන හා නිවාස වෙත නවීන සන්නිවේදන පහසුකම් ලබාදෙමින් මිලියන 1.6කට වැඩි පාරිභෝගික ප්‍රජාවකට සේවා සපයන, වසර 160ට වැඩි කාලයක් ජාතියේ සන්නිවේදකයා වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, විශ්වාස කරනු ලබන්නේ නවීන හා උසස් තාක්‍ෂණික විධික්‍රම භාවිත කරමින් සෑම තැනකටම අතිශය වේගවත් ජාලයන් හිමිවියයුතු බවයි. ඒ අනුව, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 5G තාක්ෂණයෙන් වේගවත් බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවක් තම පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීම සඳහා මේවනවිට සියලු අත්හදා බැලීම් සිදුකොට අවසන්ය.

වේගවත් හා අඛණ්ඩ වීඩියෝ සේවා ලබා ගැනීමට ගෘහස්ථ පාරිභෝගිකයින් පවා උනන්දු වන අතර ඔවුන්ගේ දුරකථන, ලැප්ටොප්, ටැබ්ලට් සහ වෙනත් ස්මාර්ට් උපාංග සඳහා අන්තර්ජාල පහසුකම අවශ්‍ය වේ. එම ඉල්ලීම ඉතා විශිෂ්ට ලෙස සපුරාලීමට 5G සේවාවත් සමග අවස්ථාව උදාවේ. රැහැන් රහිත අධිවේගී 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව නිවාසවලට මෙන්ම ව්‍යාපාරවලටද ඉතාමත් ආකර්ෂණීය සේවාවක් වනු ඇත.

අත්හදා බැලීමේදී 5G බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව 1.7Gbps වේගයක් වාර්තා කර තිබේ. අත්හදා බැලීම අති සාර්ථකව අවසන්කොට ඇති නව 5G සේවාව ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරිකයින්හට මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ටද මේ වනවිට තම ව්‍යාපාර නවීන ලෝකයට හා පාරිභෝගික අවශ්‍යතාවයන්ට ගැළපෙන ලෙස පවත්වාගෙන යාම සඳහා අධිවේගී අන්තර්ජාල සේවාව අත්‍යවශ්‍ය වන බැවින්, එම ව්‍යාපාර නංවාලීමට SLT 5G සේවාව මහඟු අවස්ථාවක් වනු ඇති බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විශ්වාසය පළකරයි.