brand logo

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දුෂ්කර පාසල් 100ක් වැඩිදියුණු කරයි

22 October 2019

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ආයතනික සමාජ වගකීම් වැඩසටහනක් ලෙස දියත් කරන ලද ‘පාසල් පිරියත සුරකිමු වැඩසටහන 2019 ඔක්තෝබර් මස 12 වනදා ක්‍රියාත්මක කරන ලද අතර මේ යටතේ දිවයින පුරා විසිරුණු දුෂ්කර පාසල් 100ක් අලුත්වැඩියා කරන ලදී’. මෙම ව්‍යාපෘතිය මගින් මෙම පාසල් 100 හි යටිතල පහසුකම් දියුණු කිරීම, පාසල් අලුත්වැඩියා කිරීම, ගොඩනැගිලි ,මේස, පුටු පින්තාරු කිරීම සහ අවශ්‍ය වෙනත් පහසුකම් සැලසීම සිදු කරන ලද අතර ශ්‍රී ලංකාවේ අනාගත පරපුරට විශිෂ්ට අධ්‍යාපනයක් ලබාදීම සඳහා ඔවුන්ගේ පාසල්වල ප්‍රසන්න පරිසරයක් පවත්වා ගනිමින් ඔවුන්ගේ මානසික හා ශාරීරික යහපැවැත්ම ඉහළ නංවාලීම මෙහිදී අරමුණ කරගෙන තිබේ.
 

More News..