Uncategorized

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිත්වය සුසන්ත රත්නායකට

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව සභාපතිවරයා ලෙස ප්‍රමුඛතම ව්‍යාපාරික නායකයෙකු වන සුසන්ත රත්නායක මහතා පත් කර තිබේ.

කළමනාකරණ ක්ෂේත්‍රයේ වසර 30කට අධික මනා පළපුරුද්දක් ඇති සුසන්ත රත්නායක මහතා 2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇත.

ඒ මහතා 1992/93 වසරේ සිට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කර තිබේ.