Uncategorized

ශ්‍රී ලංකාවේ ඔස්ටියෝපති ප්‍රතිකාර ලබා ගත හැකි එකම ස්ථානය ඔස්ටියෝ ක්ලිනික් දැන් මාලඹේ හා මාතරදී

කොඳු ඇටපෙළ ආශ්‍රිත රෝග හා ස්නායු රෝග කියූ සැණින් අපේ මතකයට එන්නේ මිල අධික ඖෂධ හෝ වේදනාකාරී ශල්‍යකර්ම. මීට වසර 148කට පෙර මේ සඳහා විසඳුමක් සොයා ගන්නේ ඇමෙරිකානු ජාතික වෛද්‍යවරයෙකි. ඔහු නමින් ඇන්ඩෲ ටේලර්ය. 1872දී සොයා ගත් මේ ක්‍රමය ඔස්ටියෝපති වෛද්‍ය ක්‍රමය ලෙස හැඳින්වේ. මේ වෛද්‍ය ක්‍රමය සොයා ගැනීමට ප්‍රධාන හේතුවක් වූයේ ශල්‍යකර්මවලින් පසු රෝගීන්ට ඇතිවන අතුරු ආබාධ සැලකිල්ලට ගැනීමෙනි. මේ ක්‍රමය කොන්දේ වේදනාවෙන් පීඩනයට ලක්වී සිටින්නන්ට මහත් අස්වැසිල්ලක් විය.

මේ ඔස්ටියෝපති (Osteopathy) ප්‍රතිකාර ක්‍රමය සම්බන්ධ ප්‍රතිකාර ලබාගත හැකි ලංකාවේ එකම ස්ථානය වන්නේ මාලඹේ හා මාතර ඔස්ටියෝ ක්ලිනික්ය. මෙහි ඔස්ටියෝපති ප්‍රතිකාර සිදුකරනුයේ එංගලන්තයේ සිට පැමිණි වෛද්‍යවරයෙකු විසිනි. මෙම ප්‍රතිකාර ක්‍රමය මගින් වර්තමානයේ උපකාරක පන්ති සඳහා සහභාගි වන සිසුන් ඇතුළු ​ බොහෝ දෙනකුට විශාල ගැටලුවක්ව පවතින පැති කුදය යන රෝගාබාධය සඳහාද ප්‍රතිකාර කරනු ලබන අතර එමගින් සුවපත් වූ රෝගීන් දහස් ගණනකි.

ඔස්ටියෝපති ප්‍රතිකාර ක්‍රමයෙන් බෙල්ලේ වේදනාව, උරහිස් වේදනාව, ඉරුවාරදය, අංශභාගය, ශරීරයේ හිරී වැටීම, මානසික ආතතිය ආදී රෝගී තත්වයන් සුව කර ගැනීමට ඔබ යා යුත්තේ මාලඹේ හෝ මාතර ඔස්ටියෝ ක්ලින්ක් වෙතය. එසේම රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් නොනැවතී රෝගියාගේ ශාරීරික, මානසික, අධ්‍යාත්මික නිරෝගීකම වර්ධනය කිරීමට උපදේශන සේවාවක් ලබාදීමටද ඔස්ටියෝපති ක්ලිනික් ආයතනය පියවර ගෙන ඇත්තේ රෝගය නිට්ටාවටම සුවකර ගැනීමටය.

ඔස්ටියෝ ක්ලින්ක් ආයතනය 531/1, අතුරුගිරිය පාර, මාලඹේ ලිපිනයේ පිහිටා ඇති අතර එහි බදාදා සහ සිකුරාදා සිට ඉරිදා දක්වා උදේ 9.00 සිට සවස 2.00 දක්වා වේලාවන්හිදී ප්‍රතිකාර ලබාගත හැකිය. මෙහි ප්‍රතිකාර පිළිබඳව වැඩිදුර විස්තර 011 205 4444/ 011 205 4433 සහ 011 205 4499 යන දුරකථන අංකවලින්ද ලබාගත හැකිය. ඔස්ටියෝ ක්ලිනික් තවත් ශාඛාවක් මිරිස්ස, මාතර යන ලිපිනයෙහි පිහිටා ඇති අතර සෑම සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනකම එහිදී ප්‍රතිකාර ලබා ගත හැක. වැඩිදුර විස්තර සඳහා www.osteodr.com තවද ඔස්ටියෝ ක්ලිනික් ආයතනය සඳහා E- channeling පහසුකමද සලසා ඇත.

ක්ෂණික ඇමතුම් 0758 697697, 0775 260401