ශ්‍රී ලංකාවට ලකුණු 180ක ඉලක්කයක්
11 January 2019
ශ්‍රී ලංකාවට ලකුණු 180ක ඉලක්කයක්
11 January 2019
නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය ඕක්ලන්ඞ් හිදී මේ වන විට පැවැත්වෙයි. ශ්‍රී ලංකා පිලේ නවසීලන්ත සංචාරයේ අවසන් තරගය වන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු යැවීමට තීරණය කල අතර නවසීලන්ත පිලේ මුල් පෙළ කඩුලු 4 ම අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට මාලිංග සහ කසුන් රාජිත සමත්වීය.
නවසීලන්ත පිල පන්දු වාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවුයේ ලකුණු 179කි
එහිදී ඩග් බ්‍රෙස්වෙල් ලකුණු 44 රැස්කර ගත් අතර කුගේලේජින් නොදැවී ලකුණු 35 ක් රැස්කළා.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 2 ක් සහ ලසිත් මාලිංග කඩුලු 2 ක් දවාගත්තා.