brand logo

ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ කඳවුරේ දෙදෙනෙක් හැලෙයි

19 May 2021

ශ්‍රී ලංකාව සමගින් පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද බංග්ලාදේශ සංචිතයේ රුබෙල් හුසේන් සහ හසන් මහමුඩ් ආබාධයන්ට ලක් වී තිබේ. ඒ හේතුවෙන් දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය අදාළ ක්‍රීඩකයින්ට අහිමි වී යනු ඇති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නමුත් වේග පන්දු යවන්නන් වන අදාළ ක්‍රීඩකයින් දෙදෙනාද ඇතුළුව ශ්‍රී ලංකාව සමග තරගාවලිය සඳහා නම්කර ඇති 23 කුගෙන් යුත් සංචිතයට වෙනත් ක්‍රීඩකයින් දෙදෙනෙකු එක් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී මින්හාජුල් අබේඩීන් පවසා ඇත. බංග්ලාදේශ සංචිතයට ඇතුළත් සිටියදී ආබාධයන්ට ලක් වූ මොසදෙක් හුසේන් සහ මොහොමඩ් ශෆියුදීන්ගේ ආබාධයන් සුව අතට හැරී තිබෙන අතර ඔවුන් බංග්ලාදේශ අවසන් 15දෙනාගේ සංචිතයට ඇතුළත් වන බව පැවසේ. ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලිය හා එක් නොවී අයි.පී.එල්. තරගාවලිය හා එක් වූ ශකීබ් අල් හසන් සහ වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රෙහමාන් බංග්ලාදේශ කණ්ඩායම සමග එක්ව සිටී. 23 වැනිදා ආරම්භ වෙන තරගාවලියේ ශකීබ්ට සුපුරුදු 3 වැනි පිතිකරු ස්ථානයේ ඔහු ක්‍රීඩා කරන බව බංග්ලාදේශ ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී කියා තිබේ. මේ වන විට බංග්ලාදේශය බලා ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිය නිරෝධායනය අවසන් කර ජෛව ආරක්ෂණ බුබුළක් යටතේ අද පස්වරුවේ සිය පළමු පුහුණු සැසියට සහභාගි වීමට නියමිතය. 23 දෙනෙකුගෙන් යුත් බංග්ලාදේශ සංචිතය ටමීම් ඉක්බාල් (නායක), මොහොමඩ් නයිම්, ඉම්රුල් කයිස්, ලිටන් ඩස්, සෞම්‍ය සර්කාර්, නජ්මුල් හුසේන් ශැන්ටෝ, ශකීබ් අල් හසන්, මුශ්ෆිකර් රහීම්, මොහොමඩ් මිතුන්, මහමදුල්ලා, අෆිෆ් හුසේන්, මොසදෙක් හුසේන්, මෙහෙදි හසන් මිරාස්, ටයිජුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, නසුම් අහමඩ්, මොහොමඩ් ශෆියුදීන්, මුස්ටෆිසර් රෙහමාන්, ටස්කින් අහමඩ්, ශොරිෆුල් ඉස්ලාම්, ශොහිදුල් ඉස්ලාම්, රුබෙල් හුසේන්, හසන් මහමුඩ් ගයාශාන් විතානආරච්චි
 

More News..