News

ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව එකඟතාවයකින් තොරව අවසන් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම කිසිදු එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවතිය.

අවසන් තීරණයකට එළඹීම සඳහා නැවත ඔක්තෝබර් 5 දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතයි.