brand logo
logo

ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂකයා ගැන ජනපතිතුමා පොඩි ඉඟියක් දුන්නා - පා.ම. මුතුහෙට්ටිගම

06 June 2019

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා අන් කවරෙකුවත් නොව මෛත්‍රීපාල සිරිසේන මහතාම බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. මුතුහෙට්ටිගම මහතා මේ බව පැවසුවේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. "මම දන්නවා, මගෙ ඇඟට තේරෙනවා, අවුරුදු 21ක් මමත් මේ පක්ෂෙ හිටියා. දැන් අපිට ඊළඟ නායකයා හැටියට පත් කරන්න වෙන කවුරුවත් නෑ, ඒකට සුදුස්සා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාය කියන එක මං විශ්වාසයෙන් කියනවා. ඒක එහෙම්ම වෙනවා. ජයග්‍රහණයත් කරනවා අපි. එතුමා අපිත් එක්ක සාකච්ඡාවක් කළාම ලංකාවට ඇවිල්ලා, එතුමාගෙ අදහස් එතුමා ප්‍රකාශ කළා. නිල වශයෙන් කිව්වෙ නැතිවුණාට පොඩි ඉඟියක් අපට ලැබුණා එතුමා මේ සැරෙත් තරග කරනවා, ජයග්‍රහණය කරනවා කියලා. ඒකට අවශ්‍ය සැලසුම අපේ පක්ෂෙ මහලේකම්තුමා ඉදිරිපත් කළා හදලා." යනුවෙන් මුතුහෙට්ටිගම මහතා සඳහන් කළේය.
 

More News..