අතන මෙතන

ශරීරයේ රහස්‍ය ප්‍රදේශ පෙන්වමින් ගාලුපාරේ ගිය වාහනවලට ගල් ගහපු පුද්ගලයෙකු අත්අඩංගුවට

ශරීරයේ රහස්‍ය ප්‍රදේශ පෙන්වමින් ගාලුපාරේ ධාවනය වන රථ වාහනවලට ගල් ප්‍රහාර එල්ලකළ පුද්ගලයකු පෙරේදා (28 වෙනිදා) අත්අඩංගුවට ගත්බව බේරුවල පොලිසිය පවසයි.

බේරුවල නගරයේ රැඳී සිටින පුද්ගලයකු මගතොට ගමන් කරන කාන්තාවන්ට ශරීරයේ රහස් ස්ථාන පෙන්වමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 45 ක් පමණ වන මොහු කිසියම් මානසික ආබාධයකින් පෙළෙන පුද්ගලයකුද යන්න තහවුරු කරගැනීම සඳහා වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කළ යුතු බවද පොලිසිය පවසයි.මෙම පුද්ගලයා ප්‍රසිද්ධ ස්ථානයක අසභ්‍ය අයුරින් හැසිරීම නිසා අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු වුවද ඔහු මෙතෙක් තම නම පවා පොලිසියට පවසා නොමැත.

බේරුවල-ප්‍රසාද් ධර්මප්‍රිය