වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්
16 September 2020
වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්
16 September 2020
ශ්‍රී ලංකාවෙි වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය පංච පුද්ගල කමිටුවක් පත් කරන ලදි.
ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාව ප්‍රඥප්තියක් මගින් ස්ථාපිත කරන ලද ස්වාධීන ආයතනයක් වන අතර, එහි ප්‍රධානතම කාර්යභාරයවනුයේ රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැකීම තුලින් ගුණාත්මක වෛද්‍ය සේවයක් පවත්වා ගැනීමයි.
එය සුරක්ෂිත කිරීම සදහා වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමත්, වෛද්‍යවරුන් නියාමනය කිරිමත් එම ආයතන මගින් සිදු කරනු ලබයි. එසෙම වෛද්‍ය ආඥා පනතට අනුව වෛද්‍ය සභාවේ තීන්දු තීරණ වල අවසන් වගකීම සෞඛ්‍ය අමාත්‍යවරයාට පවරා ඇත.
වෛද්‍ය සභාව තුලින් කරුණු විමසා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලද අතර ඉහත කරුණු පිළිබද අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදිම සදහා පහත සදහන් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරිමට තීරණය කර ඇත.
01. විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා මහතා.
02. රාගම වෛද්‍ය පීඨයේ හිටපු පිඨාධිපති මහාචාර්ය ප්‍රෂාන්ත විඡේසිංහ මහතා
03. විශේෂඥ වෛද්‍ය අනුලා විඡේසුන්දර මහත්මිය
04.විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න මහතා
05. විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා
වාර්තාවන් අධ්‍යයනය කර වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රතිස්ථාපනය කර රෝගී අයිතිවාසිකම් සුරකමින් ගුණාත්මක වෛද්‍ය සේවාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු සැකසිම සිදු කිරීමට කටයුතු කරනු ලබන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.