News

වෙළෙදසැල් 112ක් දින නියමයක් නොමැතිව වසා දමයි

පාතහේවාහැට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ වෙළඳ සැල් 112ක් දින නියමයක් නොමැතිව වසා දැමීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් අද (05) තීරණය කළේය.

ඒ අනුව මාරස්ස නගරයේ වෙළඳසැල් විශාල ප්‍රමාණයක් හා අවට ගම්වල වෙළඳසැල් ද වසා දමා ඇත.

කොවිඩ්-19 වෛරස ආසාදිත රෝගීන් තිදෙනෙකු අද දිනය තුළ හමුවීමත් සමග ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් මෙම තීරණය ගෙන ඇත.

මොවුන්ගෙන් දෙදෙනෙකු මාළු ව්‍යාපාරිකයකුගේ සහායකයින් වන අතර, එම ව්‍යාපාරිකයා ද මීට පෙර කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු පුද්ගලයෙකි.

අද දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා මෙම සහායකයෙකුගේ බිරිදක් වේ.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන් නිවෙස් තුළම නිරෝධායනයට යොමු කර ඇත.