brand logo

වෙළඳසලක මල්ලක් කාන්තා මළ සිරුරක්

06 August 2021

චාලච්චේන නගරයේ සුරතල් මසුන් හා ඇලුමියම් භාණ්ඩ අලෙවි කරන වෙළඳසලක මල්ලක දමා තිබූ කාන්තා මළ සිරුරක් හමුවී තිබේ.

පොලීසිය පැවසුවේ අතුරුදන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් මීට පෙර පොලීසියට ලැබී තිබූ අතර මෙම සිරුර එම ගෝනිය තුළ තිබෙන බවට සැකකරන බවයි. වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවකගේ අතුරුදන්වීමක් සම්බන්ධයෙන් ඊයේ සවස වාලච්චේන පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත. බැංකුවට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අදාළ කාන්තාව යළි නොපැමිණි බවට පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අදාළ අතුරුදන්වීම පිළිබඳ විමර්ශනය කරමින් සිටියදී සුරතල් මසුන් හා ඇලුමියම් භාණ්ඩ අලෙවි කරන වෙළඳසලක මලු දෙකක් ඇති බවට වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තොරතුරක් ලැබී තිබේ. ඒ අනුව අදාළ වෙළඳසල පරීක්ෂා කිරීමේදී එහි තිබූ එක් මල්ලක් තුඝ කාන්තා මළ සිරුරක් ද අනෙක් මල්ල තුළ පොහොර තොගයක් ද ඇති බවට අනාවරණය වී තිබේ. පොලීසිය විශ්වාසය පළ කරන්නේ, අතුරුදන්වූ බව කියන කාන්තාවගේ මළ සිරුර එම මල්ල තුළ ඇති බවටයි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෙළඳසලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ කාන්තාව බැංකුවට යාම සඳහා පිටත්ව ගිය ත්‍රිරෝද රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන තිබේ.   https://youtu.be/45AF8QhhVA0
 

More News..