ගොසිප්

වෙල්ගම කරන්නේ එජාපයට උදව්වක් 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඉදිරිපත් වීමට උත්සාහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර එකමුතු බිඳින පිල්ලියක් ලෙස බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

කුමාර වෙල්ගම කරන්නේ එක්සත් ජාතික පක්ෂයට උදව්වක් බවත් වමේ දේශපාලනය පරාජය කිරීමේ ක්‍රියාවලියක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම තැනට තල්ලු නොකරන ලෙසත් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.