සිරිකොතේ විශේෂ සාකච්ඡාවක් – සජිත්ගේ පිල සිරිකොත වටලයි
එක්සත් ජාතික පක්ෂයේ ඉදිරිය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද සිරිකොතේදී පැවැත්වෙයි.
එය අද පස්වරු තුනට මෙම පැවැත්වීමට නියමිතව ඇත.
අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී නායකත්වය හා විපක්ෂ නායකත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත අතර සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පිරිස් සිරිකොත පක්ෂ මූලස්ථානය ඉදිරිපිට එම වේලාවේදී විරෝධතා පැවැත්වීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.
එම නිසා දැනටමත් පොලිස් බලඇණි සූදානම් කර ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරයි.