අතන මෙතන

විවාහ ගිවිසගෙන දින 4යි – රිය පුහුණුවීමේදි තරුණිය මිය යයි

බිබිලේ තරුණියක රිය පුහුණුවේ නිරතව සිටියදී මෝටර් රථයක ගැටී සිදුවු අනතුරකින් 04 දින දවල් මිය ගිය බව පොලීසිය කියයි.

රිදිමාලියද්දේ පදිංචි උමේෂා සචින්තනී (25) තරුණිය අනතුරින් මිය ගොස් තිබේ.

බිබිල මහියංගන මාර්ගයේ ත්‍රිවිලර් රථයක් පැදවීමට පුහුණු වෙමින් සිටියදී හෑපොළ ප්‍රදේශයෙදි ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබේන බව පොලිසිය කියයි.

අනතුරින් රථයේ පිටුපස සිටි බව කියන බිබිල නගරයේ රිය පුහුණු ආයතනක සේවය කරන පුහුණුකරු
බරපතල තුවාල ලබා සිටියදි බිබිල මුලික රෝහලට ඇතුලත් කර තිබේ.

අනතුරින් මිය ගිය තරුණිය බිබිලේ පෞගලික ආයතනක සේවිකාවක් වන අතර ඇය පසුගිය 30 වැනි දින
විවාහ ගිවිසගෙන ඇති බවද පොලිසිය කියයි.

බිබිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආරියබන්දු වෙදගෙදර මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.

අමිල ක්‍රිෂාන්ත – පස්සර