අතන මෙතන

විමල් සහ දිනේෂ් ඇතුළුව මන්ත්‍රීවරු 12ක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12දෙනෙකු පමණ අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයේ සිරවී සිට තිබෙනවා.

කාර්මික දෝෂයක් හේතුවෙන් විනාඩි 15ක පමණ කාලයක් මොවුන් පිරිස ඒ තුළ සිරවී සිට ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ස්වසන අපහසුතාවයන්ට මුහුණදුන් බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා.

ඔහු පැවසුවේ එම අවස්ථාවේ පාර්ලිමේන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද එහි සිටි බවයි.

මේ පිළිබඳව පාර්ලිමේන්තු සභා ගර්භයේ ඇතිවූ සංවාදය මේ ආකාරයෙනි.

විමල් – අපි පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එකේ හිරවෙලා හිටියා, හදිසි ඇමතුම් දීලත් විනාඩි 15ක් ගියා ඇරගන්න.

කථානායක – මම කණගාටුවෙනවා ඒ ගැන, හොයල බලන්නම්.

විමල් – කණගාටුවෙලා හරියන්නේ නැහැ තවඩින්ගෙන් හුස්ම ටික නැතිවෙනවා.

දිනේෂ් ගුණවර්ධන – හදිසි දුරකතනය භාවිත කළත් විනාඩි 25ක් පමණ සෝපාන ක්‍රියාකරු සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණා.මම පාර්ලිමේන්තුවට ආවේ 1983. මේ වගේ දෙයක් වුණේ පළමු අවස්ථාවටයි. අපිට සෝපානයක මැරෙන්න බෑ.

සරත් ෆොන්සේකා – (දිනේෂ්ට පිළිතුරු දෙමින්) විදුලි සෝපානය භාවිත කරන්න බයයි නම් පඩිපෙළ භාවිත කරන්න. එක අවස්ථාවකින්ම කැඩෙන යන්ත්‍ර නෑ