ගොසිප්

විපක්ෂනායක කොළඹ පාසල්වලට යයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (21) පෙරවරුවේ කොළඹ ප්‍රධාන පෙළේ පාසල් කිහිපයකටම ගොස් තිබේ.

අප වාර්තාකරුවන් සදහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලය, කොළඹ විශාඛා විද්‍යාලය ඇතුළු පාසල් කිහිපයකටම ගොස් එහි ආරක්ෂාව සම්බන්ධයෙන් සොයා බලා ඇති බවයි.

පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයත් සමග පාසල් වලට සිසු සිසුවියන් පැමිණීම පැවතියේ ඉතාමත් අවම මට්ටමකය.