විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මෙරටට එන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට දැනුම්දීමක්
05 June 2020
විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මෙරටට එන රාජ්‍ය තාන්ත්‍රිකයින්ට දැනුම්දීමක්
05 June 2020
මෙරටට පැමිණෙන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන් පැමිණෙන රටෙන් පැය 72 කට පෙර ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ වාර්තා කටුනායක ගුවන් තොටුපලේදී ඉදිරිපත් කළ යුතු බව විදේශ අමාත්‍යාංශය පවසයි.
එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අදාල පී.සී.ආර් පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වන සියලුම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී.සී.ආර් පරීක්ෂණය සදහා මුහුණ දිය යුතු බවයි.
පී.සී.ආර් පරීක්ෂණයට මුහුණ නොදෙන තානාපති කාර්යාල ප්‍රධානීන්, පවුලේ සාමාජිකයින් සහ සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායන නීතීන්ට අනුකූලව කටයුතු කිරීමට පියවර ගත යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එවැනි පුද්ගලයින් දින 14 ක කාලයක් නවාතැන්ගෙන සිටින ස්ථානයේ නිරෝධායනයට ලක්විය යුතු අතර එය අදාල තානාපති කාර්යාලයේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදුවිය යුතු බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
නිරෝධායන කාලය අවසන් වීමෙන් අනතුරුව රාජකාරී ආරම්භ කිරීමට පෙර ඔවුන් නැවත පී.සී.ආර් පරීක්ෂණයකට බදුන් විය යුතු බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.