brand logo

විදේශයෙන් 2018 වසරේ ඩො. මිලියන 1241ක් ණයට අරන්

09 November 2019

විදේශීය රටවල්වලින් 2018 වර්ෂයේදී සංවර්ධන කාර්යයන් සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන 632.68ක් ලබාගෙන ඇත. එම මුදල රටවල් අටකින් ලබාගෙන තිබේ. වැඩිම මුදල වන ඩොලර් මිලියන 164.78ක් චීනයෙන් ලබාගෙන ඇති අතර, ජපානයෙන්ද ඩොලර් මිලියන 95.78ක් ලබාගෙන ඇත. එහිදී ඔස්ට්‍රේලියාව, ජපානය, කොරියාව හා ඇමෙරිකාව ප්‍රධාන ලෙස ඩොලර් මිලියන 75.92ක් ලබාදී ඇත. එම මුදල්ද ඇතුළුව ණය ලබාදෙන නියෝජිත ආයතනවලින් 2018 වර්ෂයේදී ඇමෙරිකන් ඩොලර් මිලියන 1241.59ක් ලබාගෙන තිබේ. එයින් ඇ.ඩො. මිලියන 1108.67ක් ලබාගෙන ඇත්තේ ණය වශයෙනි. ප්‍රදානයන් ලෙස ඇමෙරිකන් ඩොලර් මිලියන 132.92ක් ලැබී ඇත. චමින්ද සේනාරත්න
 

More News..