විදුලි සේවකයින් ලෙඩ වෙයි
08 April 2021
විදුලි සේවකයින් ලෙඩ වෙයි
08 April 2021
වසර ගණනාවක සිට වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් අද (08) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කර උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවීමට තීරණය කර තිබේ.
විදුලි සේවකයින් 25,000ක් පමණ පිරිසක් කොළඹ දී එම උද්ඝෝෂණයට සහභාගි වීමට නියමිත බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කරයි.
සිය ඉල්ලිම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී වැඩ වර්ජනයක නිරත වීමට ද බලාපොරොත්තු වන බව රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.
සියයට 25ක වැටුප් වැඩිවීමක් ලබාදීමට එකඟතාව පළ කර තිබියදී මෙවැනි උද්ඝෝෂණවල නිරත වීම පිළිගත නොහැකි බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කරයි.