විදුලි බිලේ අවසන් විසඳුම අමාත්‍ය මණ්ඩල තීරණයෙන්
30 June 2020
විදුලි බිලේ අවසන් විසඳුම අමාත්‍ය මණ්ඩල තීරණයෙන්
30 June 2020
විදුලි බිල්පත්වල සඳහන් ගාස්තු සම්බන්ධව අවසන් විසඳුම අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.
පසුගිය මාස සම්බන්ධයෙන් ලැබී ඇති බිල්පත් සම්බන්ධයෙන් විදුලි පාරිභෝගිකයින් පවසන්නේ සටහන්ව ඇති ගාස්තු කිසිසේත්ම සාධාරණ නොමැති බවය.
නමුත් ඒ ඒ් නිවෙස්වල පාවිච්චි කරන ලද ඒ්කක ප්‍රමාණය අනුව බිල්පත් සකසා ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ සම්බන්ධයෙන් තමන් අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන බවත් ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලයේ තීරණය අනුව විදුලි ගාස්තු සම්බන්ධ අවසන් තීරණය ගන්නා බවත් අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය හමුවක් අමතමින් අද (30) පැවසීය.
මේ වනවිට මාර්තු, අප්‍රේල් හා මැයි මාස සඳහා විදුලි පාරිභෝගිකයින්ගෙන් විදුලි බල මණ්ඩලයට අය විය යුතු මුදල රුපියල් කෝටි 2000 ඉක්මවා ඇති බව සඳහන් වේ.
නමුත් ජුනි මාසයේ බිල්පත්වලින් සියයට 90ක් මේ වනවිට විදුලි පාරිභෝගිකයින් විසින් ගෙවීමට කටයුතු කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.