brand logo
logo

විදුලි බිල්පත්වල ගැටලු ඉදිරිපත් කරන්න දුරකථන අංකයක්

05 June 2020

විදුලි බිල්පත් සම්බන්ධයෙන් ගැටලු පවතින පාරිභෝගිකයින්ට පැමිණිලි ඉදිරිපත් කිරීම සදහා දුරකතන අංකයක් සහ ඔන්ලයින් ක්‍රමවේදයක් හදුන්වා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පියවර ගෙන තිබේ. එම කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කළේ 011 2 392 607 යන දුරකතන අංකයට සහ 077 0 126 253 යන අංකයට වට්ස්ඇප්, වයිබර් සහ ඉමෝ ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි. මේ වන විට විදුලි පාරිභෝගිකයින්ගේ පැමිණිලි 700 ට අධික ප්‍රමාණයක් කොමිශන් සභාව වෙත ලැබී ඇති බව ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.
 

More News..