News

වැලිකඩ සිරගෙදර 72කට කොවිඩ්

වැලිකඩ බන්ධනාගාරයේ තවත් 72කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අතර කාන්තා රැඳවියන් 63 දෙනෙකු සිටින අතර පිරිමි රැඳවියන් 08දෙනෙකු සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාරයේ මුලුතැන්ගෙයි සේවය කළ සේවකයෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පවසයි.